Wednesday, March 10, 2010

එක්තරා මරණයක්.....................




කාගේහරි මරණයක් ගැන අහන්න ලැබෙන එක සංවේදී ඕනම කෙනෙකුට සෑහෙන්න හිතට කම්පනයක් දැනෙන දෙයක්. මරණය තමන් දන්න කෙනෙකුගේ නම් හැඟීම් තවත් තීව් වෙනව. කාලයක් හිතේ කම්පනය රැඳිලා තියෙනවා, සමහර විට මියගිය කෙනාට තමන්ගේ තිබුනු සමීප බව නිසා හෝ කෙනා මියගිය ආකාරය, කාලය සහ හා බැඳුනු විශේෂ සිදුවීම් නිසා.


සුදම්ගේ ජීවිතයට ගොඩක් සමීප කීප දෙනෙකුගේ වෙන්වීම ඇරුනහම, ඔය විදියට සුදම්ගේ හිතට ගොඩක් දැනුනු මරණ කිහිපයක් තියෙනවා.

එයින් එක සිදුවීමක් වුනේ දැනට අවුරුදු කීපෙකට කලින්....... එදා කොලඹට මහා වැස්සක්. හැමතැනම වතුරෙන් යටවෙලා. සුදම් එදා වැඩ වගේකට එහා මෙහා ගියේ සමහර වෙලාවට වතුරේ බැහැගෙන. හවස් වෙනකොට වැස්ස ටිකක් අඩු වුනත් වෙනකොට වැස්ස හා සම්බන්ධ සිදුවීම් කීපයක් නිසා ජීවිත කීපයක් නැතිවෙලා තිබුණ.

වෙනකොට සුදම්ට ආරංචි වෙලා තිබුනා පාරේ ඇවිදගෙන ගියපු කෙනෙක් වතුරින් පිරිලා තිබුණු කාණුවකට වැටිලා අවාසනාවන්ත විදියට මියගිය බව. හැර වැඩි විස්තරයක් නම් දැනගන්න ලැබුනේ නෑ. හවස් වෙලා බෝඩිමට ආවටත් පස්සේ තමයි සුදම්ගේ අම්මා කෝල් කරලා කිව්වේ සුදම්ලගේ හිතවත් පවුලක දියණියක් අර මුලින් කියපු විදියට මියගිහින් බව. එතකොට තමයි සුදම් දැනගත්හේ සුදම් එදා උදේ හිටපු තැනට මීටර් දෙතුන්සීයක් එහායින් දියේ ගිලිලා (ගඟක මූදක නෙවෙයි, පාරේ අනාරක්ෂිත විදියට විවෘත වෙලා තිබුනු ගැඹුරු කාණුවක ) මියගිහින් තියෙන්නේ කාලයක් තිස්සේ දැනගෙන හිටපු සහෝදරියක් බව.

අක්කා එදා උදේ වැඩට යන වාහනෙන් බැහැලා පේව්මන්ට් එකේ ඇවිදගෙන යද්දි තමයි අර විදියට පේව්මන්ට් එකේ ආවරණය නොකර තිබුනු තැනකින් වැටිලා තියෙන්නේ. වෙලාවේ හොඳටම වතුර පිරිලා තිබුනු නිසා මොකක් හරි ඉදිකිරීම්/පිලිසකර කිරීම් වැඩකට විවෘත කරලා තිබුනු තැන පෙනිලා නැහැ.

පංශ්චාත් උපාධියක් දක්වා ඉගෙන ගෙන, ඉහල රැකියාවක් කල ඇය මනාලියක් වෙන්න සූදානමෙන් හිටියේ. මොකක්දෝ අවාසනාවකට අක්කාගේ පෙම්වතාත් වෙලාවේ තැනට ඇවිත් තිබුණා. කාණුවට වැටිලා අතුරුදහන් වුනේ තමන්ගේ පෙම්වතිය කියලා නොදැනම අයියාත් එතැන හිටි අයට උදව්වෙලා තිබුනා, ගිලුනු කෙනාව ගොඩගන්න. වගේ අවාසනාවන්ත විදියට මියගිහින් තියෙන්නේ තවත් ටික දවසකින් තමන්ගේ අතගන්න හිටපු පෙම්වතිය කියලා දැනගත්තම එයා මොනවගේ තත්ත්වෙකට මුහුණ දෙන්න ඇතිද කියලා සුදම්ට හිතාගන්නවත් බෑ.

පහුවෙනිදා සුදම් ගියා අවමඟුල් උත්සවයට. ලංකාවේ සැලකිය යුතු සිවිල් බලයක් හිමි රාජ් සේවයේ ඉහල තනතුරක් දරපු ඇගේ පියාත් දෛවය ඉදිරියේ අසරණ වෙලා හිටියා. පවුලේ අය, ඇගේ පෙම්වතා පුදුමාකාර ඉවසීමකින් සියල්ල විඳ දරාගන්න බවක් පෙනුනා.

මේ සිදුවීමට වගකියන්න ඕන කියලා වට පිටාවේ හිටපු ගොඩක් අය ඇඟිල්ල දික් කළේ පාර පිලිසකර කරන්න විවෘත කරපු තැන ආයෙත් ආවරණය කරන්නේ නැතිය ගියපු ඉංජිනේරුවා ප්රමුඛ කණ්ඩායමට සහ අදාළ රාජ් ආයතනයට. රාජ් ආයතනය කියලා තිබුනේ කැලි කසළ හිරවෙලා අක්රීය වෙලා තිබුනු කාණු පද්ධතිය පිළිසකර කරන්න තමයි අය උත්සාහ කරමින් හිටියේ කියලයි.

ඇත්තටම පොඩි වැස්සකටත් කොලඹ සහ අනිත් නගරබද ප්රදේශ වතුරෙන් යටවෙන්න එක හේතුවක් තමයි කැලි කසල නිසා වතුර බැහැලා යන මාර්ග අක්රිය වීම. අපේ අයගේ කැලි කසළ බැහර කිරීමේ පුරුදු මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ගොඩක් අය කරන්නේ ආණ්ඩුවට/පළාත් පාලන ආයතනවලට මේකට බනින එක. උනත්, පිළිවෙලක් නැතිව හැමතැනම කුණු විසි කරන්නේ අපේ මිනිස්සුම නේ. දේශපාලනය ගැන සෑහෙන්න වදවෙන අපේනිදහස් මාධ්මේ වගේ පොඩි පොඩි දේවල් ගැනත් අපේ සමාජය දැනුවත් කරන්නත් පොඩි කාලයක් වෙන් කලොත් හොඳයි නේද?

දැනට අවුරුදු කීපෙකට කලින් සිද්ධ වුණු මේ සිදුවීම නිසා හිතේ ඇතිවුන කම්පනය තාමත් සුදම්ගේ හිතේ තියෙනවා. ජීවිතේ එක පාරක් හරි, ටොපී කොළයක් හරි ඔහේ බිමට විසිකරලා දාපු හැමෝමත් (සුදම් ඇතුළුව ) ඇගේ මේ අකල් මරණයට වග කියන්න ඕන කියලා හිතෙනවා.
(ඇය මියගිහින් තිබුණු විදිය වැඩි විස්තර රහිතව ලිව්වේ උවමනාවෙන්මයි )

පින්තූරෙ හොයාගත්තේ : http://www.ehow.com/how_4434159_prevent-secondary-drowning.html

6 comments:

  1. ඉතාම කනගාටුයි සිද්දියට. ඔබ කියල තිබ්බ එක දෙයක් ඉතා වටිනවා..

    "ජීවිතේ එක පාරක් හරි, ටොපී කොළයක් හරි ඔහේ බිමට විසිකරලා දාපු හැමෝමත් (සුදම් ඇතුළුව ) ඇගේ මේ අකල් මරණයට වග කියන්න ඕන "

    මේකෙන් ගත යුතු දෙවැනි පාඩම, හැමෝම හරි විදියට කුණු කසල (ටොපී කොළයෙ ඉඳලා) බැහැර කරන්න ඉගෙනගන්න ඕන කියන එක කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  2. අපේ මිනිසුන් වෙන රටකට ගියාහම ඉතා උජාරැවෙන් කුණු පාරේ නොදමන්නේ නැතිව නියමිත තැනට දමනවා. තමන්ගේ රටේදී එසේ නොකල නගර සභාවට දෝෂාරෝපනය කරනව.

    ReplyDelete
  3. මේ කතාවෙ දෙපැත්තක් තියෙනවා.

    පලවෙනි කාරණය තමයි අපි බොහෝ දෙනෙක් කසල බැහැර කරන අවිධිමත් ක්‍රමය. ගෙදර තියෙන කුණු බෑග් එක පාර අයිනෙ තියෙන ඕනැම කුණු ගොඩකට විසි කරලා යනවා. ඒකත් කරන්නෙ දුර ඉදන් විසි කරන එක, හරි තැනට වැටුනත් එකයි, නැතත් එකයි. පරම චේතනාව තමයි කුණු බැග් එකෙන් නිදහස් වීම. සමහර තැන් වල පාර පුරාම කුණු.

    මේකට මහජනයාට විතරක් බැනලත් වැඩක් නැහැ. හේතුව තමයි බොහෝ ස්ථාන වල කසල දාන්න හරි තැනක් නැහැ. තිබුනත් දවස් ගාණකින් අස් කරලා නැතිව ඉඩ නැහැ. නගර සභාව මේවට වග කියන්න ඕනෙ.

    අනිත් කාරනාව තමයි අපේ මිනිස්සුන්ගෙ කම්මැලි කම සහ අනිත් අය ගැන නොසිතීම.

    ලංකාවෙ අතිශය නාගරික ප්‍රදේශ කීපයක් ඇරුණාම කොළඹම පවා තියෙන ගොඩක් ගෙවල් වල අඩුම තරමින් අඩි 2*2 කුණු වලක් හරි කපාගන්න ඉඩ තියෙනවා. අපි ටිකක් කම්මැලිකමින් මිදිලා මේ වැඩේ කරගත්තා‍ නම් සතියක කුණු ටික මේකට දාලා, සති අන්තයේ පුච්චලා දැම්මනම් වැඩේ ඉවරයි.

    මමනම් දැන් අවු ගනනාවක ඉදලා මේ වැඩේ තමයි කරන්නේ.

    ReplyDelete
  4. මම හිතන්නෙත් කුණු බැහැර කරන්න හරි හමන් තැන් නැති එක ලොකු හේතුවක්...
    මම දැනට ඉන්නෙ USA. මෙහෙ හැම තැනම මීටර් 50,100 වගේ කුණු දාන්න තැන් තියෙනව. ඒනිසා මිනිස්සුන්ට කුණු දාන්න තැන් හොය හොය දුවන්න ඕනෙ නැහැ...

    ReplyDelete
  5. කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මාස 6කටත් වඩා බ්ලොග් එක අමතක කරල තිබුණට සමාවෙන්න....

    ReplyDelete
  6. හරිම කනගාටු සිද්දියක්... හැබැයි මම හිතන විදිහට මෙතන් වැරදිකරු තමයි කානුව පිරිසකර කරන්න ආව අයත් එතන වැඩ මෙහෙයවන නිලදාරියාත් තමයි...
    http://www.sicilianews.org/wp-content/uploads/2011/02/lavori-in-corso.jpg

    මේ ආකාරයට දැනුම්දීලා තිබ්බා නම් මේ වගේ අවාසනාවන්ත දෙයක් සිදුවන්නෙ නෑ...

    ReplyDelete