සුදම්ගේ මුල්ම පෝස්ට් එකේදි සුදම් බ්ලොග්වලට ඇබ්බැහි වෙලා ඉන්න බව කිව්වත්, ඇබ්බැහි වෙන්න මූලික හේතුව කියලා නැති බව සුදම් දැක්කෙ ගිය සතියේ. හේතුව තමයි දුකාගේ බ්ලොග් එක. මුලින්ම දුකාගේ බ්ලොග් එක දැකපු හැටි මතක නැතත්, දුකාගේ එක පොස්ට් එකකට රහවැටුනු සුදම්, එදා රෑ වෙනකල් දුකාගේ ඔක්කොම පොස්ට් ටික එක හුස්මට කියෙව්ව. කාන්තාරෙට සංක්‍රමණය උනාට පස්සේ "ඔටුවෙක්" වෙන්න ඔන්න මෙන්න කියල තිබුන සුදම් ගේ ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තේ දුකාගේ බ්ලොග් එක නිසා (වැඩි විස්තර පස්සේ දවසක කියන්නම්). වට පිටාවට සෙන්සිටිව් වෙන එක දුර්වලකමක් විදියට දකින, හැඟීම් දැනීම් වලට වටිනාකමක් නැති සමාජෙක ජීවත් වෙන, ජීවත් වෙන්න පුරුදු වුන සුදම්ට තමන්ගේ හිත ඇතුලෙ ජීවත් වුන "ඇත්ත සුදම්" තවමත් ජීවත් වෙනව කියල මතක් උනේ දුකාගේ බ්ලොග් එක කියවන කොට. සුදම් ඒක අර්ථ දක්වන්නේ තමන්ට තමන්ව හොයගන්න ලැබුනු එක අවස්ථාවක් විදියට. බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල හිතුනෙත් එදාමයි. අනිත් වැඩ අස්සේ බ්ලොග් එකකුත් කරගෙන යන එක අන්තිම අමාරු වැඩක් උනත් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න සුදම්ට හිතුනා.
ඔන්න ඔය විදියට පටන්ගත්තු බ්ලොග් එකට ඉදිරියට යන්න කමෙන්ට් කරපු/ කමෙන්ට් කරන , අත හිත දෙන හැමෝටම ස්තුති කරන ගමන්, බ්ලොග් වලට පාර පෙන්නපු දුකාට ස්පෙෂල් ස්තුතියක් පුදන්නයි මේ පෝස්ට් එක…..
ඔන්න ඔය විදියට පටන්ගත්තු බ්ලොග් එකට ඉදිරියට යන්න කමෙන්ට් කරපු/ කමෙන්ට් කරන , අත හිත දෙන හැමෝටම ස්තුති කරන ගමන්, බ්ලොග් වලට පාර පෙන්නපු දුකාට ස්පෙෂල් ස්තුතියක් පුදන්නයි මේ පෝස්ට් එක…..

