Monday, December 21, 2009

මොනිටරේ අඳුනාගත්ත හැටි

සුදම්ගේ අයියා කෙනෙක් දවසක් කොම්පියුටරයක් ගන්න යන්න සුදම්ට කතා කලා. එයා තරම් කොම්පියුටර් ගැන දන්න කෙනෙක් නෙවෙයි (සුදම් දන්නෙත් නෑ මහා ලොකු දෙයක්!). කොහොම හරි ගිහින් කොම්පියුටරේ උස්සගෙන ආව කියමු කෝ. මම කියන සිද්දිය උනේ ඊට මාස කීපෙකට පස්සේ.

සුනාමි දවසේ කලින් කියපු අයියලගෙ ගෙදරටත් ටිකක් හානි උනා. ගෙදර කාටවත් නම් කරදරයක් උනේ නෑ. කොම්පියුටරේටත් පොඩි වතුර පාරක් වැදිලා තිබුන. ටික දවසකට පස්සේ ඒක හදාගන්න ගත්තු තැනටම ආපහු දෙන්න අර අයියා තීරණේ කරල. හදන්න දීලා ටික දවසකට පස්සේ ඒක ආපහු ගන්න ගියාම කොම්පියුටර් කඩේ හිටපු අය ආපහු දීල තියෙන්නේ වෙන පරණ මොනිටර් එකක්. අයියා අහල මොනිටර් එක වෙන එකක් නේද කියල. රෙපයාර් කරන කෙනා පාර කොම්පුටර් එක ඔන් කරල ඩෙස්ක්ටොප් එක පෙන්නලා! අයියා බැලුවම එයාගෙ තිබුනු database එකේ ( අයියා material supplier කෙනෙක්) shortcut එක එහෙම ඩෙස්ක්ටොප් එකේ තිබිලා, හරි , මේක තමයි මගේ මොනිටර් එක කියල ආපහු බාර අරගෙන.

ආපහු එනගමන් මෑන්ට කල්පනා වෙලා, කොම්පියුටර් කඩේ එකා තමන්ව ගොනාට අන්දල පරණ මොනිටර් එකක් දීලා තියෙන බව. ආපහු කඩේට ගියත්, කඩේ මනුස්සයා ලෑස්ති වෙලා නෑ වෙන මොනිටර් එකක් දුන්නා කියලා පිළිගන්න. බැරිම තැන කොම්පියුටර් කඩේ කොළඹ හෙඩ් ඔෆිස් එකට කෝල් කරල පැමිණිල්ලක් දාන්න සිද්ද වෙලා.

ටික දවසකට පස්සේ ආයෙත් හෙඩ් ඔෆිස් එකෙන් කෝල් එකක් ඇවිත් සුදම්ගේ අයියට , කොම්පැනියෙන් අලුත් මොනිටරයක් දෙනවා, කොම්පියුටර් කඩේට ගිහින් බාර ගන්න කියලා. පස්සෙ ගිහින් බලනකොට අයියට අලුත්ම අලුත් මොනිටර් එකක් හම්බ වෙලා, හැබයි ඒකේ ගාන අර වංචාව කරපු මනුස්සයගේ පඩියෙන් කපාගන්නවා කියලා.

ඔය කියන මහා ලොකු කොම්පියුටර් කඩෙන් මේ කිව්ව සිද්ධියට අමතරව තවත්After sales harrassmentsසෑහෙන්න සුදම්ට ආරංචි වෙලා තියෙනවා (සුදම්ට වුන තවත් සිද්ධියකුත් මේකට ඇතුලත්). සුදම් ආයෙත් නම් කවදාවත් ඔය කියන කොම්පියුටර් කඩේ පැත්ත පළාතේ යන්නෙ නෑ. දන්න කියන කෙනෙකුට යන්න දෙන්නෙත් නෑ.

ලොකු ලොකු කොම්පැනිවල customer care representativela managersla ආදී වශයෙන් subject එකට කෂ්ටිය හැට හුටාමාරක් විතර හිටියට, customer කෙනෙකුට සලකන්නේ කරදර කාරයෙකුට වගේ නම්, මොනවා හරි දෙයක් ගන්න වෙලාවට විතරක් දෙවියන්ට වගේ සලකලා පස්සේ ගියාම සලකන්නේ බල්ලන්ට වගේ නම්, එහෙම තැන්වලට ආයෙත් කවදාවත් යන්නේ නැතිව ඉන්න පුලුවන් නම් හොඳයි නේද?