Monday, March 8, 2010

මනාපයට අමතරව අමනාපයකුත් ලකුණු කරන්න ලැබුනොත්.......



ලංකාවාසීන්ට ලොකුම අවශ්‍යතාවයක් වෙලා තිබුනු විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමත් හත්පොලේ ගාගැනීමකින් අනතුරුව අවසන් උණා. පහුගිය කාලයේ දේශපාලනය සම්බන්ධ දේවල් වලින් සම්පූර්ණයෙන්ම වියුක්ත වෙන්න සුදම් තීරණය කලේ ලංකාවට “වැදගත්” පුද්ගලයෙක් නිරපරාදේ (විහින්ම ) විනාසවෙලා යනවා, විනාසකරලා දානවා බලාගෙන ඉන්න තිබුනු අකමැත්ත නිසා. දෙපැත්තෙම “මඩ” ව්‍යාපාර හොඳින් ක්‍රියාත්මක වෙද්දි සිද්ද වුනු දේවල් , අන්තිමට වුනු දෙයත් දැන් රහස් නෙවෙයි නේ. කොහොමටත් ඒක වෙනම කතාකරන්න ඕන මාතෘකාවක්.


මහජනතාව පුල පුලා බලාගෙන හිටපු මහ මැතිවරණෙත් දැන් ප්රකාශයට පත්කරල. කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන නේ.... දැන් ඉතින් මේ මාසෙදිත් හොඳ හොඳ විගඩම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි. ගැන කල්පනා කරද්දි සුදම්ට මහ විකාර අදහසක් ඔලුවට ආවා. අපිට බැරිද මනාපය ප්රකාශ කරන ගමන්, අමනාපයත් ප්රකාශ කරලා (යම් විදියකට ) ඔය ඉදිරිපත් වෙලා ඉන්න සෙට් එකෙන් අපි බහුතරය කැමති පුද්ගලයෝ පාර්ලිමේන්තු යවලා, ඊලඟ අවුරුදු 5 අපිවනියෝජනය කරන්න ඉඩ දෙන ගමන් අපි බහුතරය අකමැති පුද්ගලයෝ පාර්ලිමේන්තු නොයවා ඉන්න දායක වෙන්න? ඕන නම් නීතියක් හදල, වැඩිපුරම අමනාප ගන්න කස්ටියක් ඊලඟ අවුරුදු පහම ක්රියාකාරී දේශපාලනයෙන් අයින් කරන්නත් පුලුවන්....නැතිනම් පස්සේ මුන්ට හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න පුලුවන් නේ. සමහර වෙලාවට මනාප අමනාප දෙකම ගණන් කරලා, නෙට් මනාප ක්රමේකින් ප්රතිඵල පෙන්නන්නත් පුලුවන් වේවි.


නම------------------මනාප------------අමනාප-----------ශුද්ධ මනාප

A------------------------50,000-----------------20,000-------------------30,000

B------------------------20,000------------------50,000------------------30,000


වැඩේ නරකමත් නැහැ නේද develop කරගත්තොත්........?


(තවත් එකක්.... සුදම් මේ ලාංකේය දේශපාලනය සන්දර්භය කියවන්න දන්න මහා බ්ලොග්කාරයෙක් නම් නෙවෙයි.....:D )




4 comments:

  1. ඇත්තමයි හොඳ අදහසක්. අපේ රටේ ඡන්දේ දාද්දී වෙන දෙයක් මේ අපේ ආසනේ නියෝජනය කරන මිනිහා නේ කියලා ඌට කතිරයක් ගහනවා එතකොට ඌ කරපු බලුකම් කසිප්පු පෙරපුවා ගස් කපපුවා වැලි ගොඩ දාපුවා මස් මඩු දාපුවා කැසිනෝ දාපුවා පොඩ්ඩක් වත් මතක් වෙන්නේ නැති එකනේ වැඩේ. ඇතැම් අය නම් කියන්නේ අපේ මන්ත්‍රී තුමානේ අපිට ලයිට් දුන්නේ වතුර ටික දු‍න්නේ කියලයි, ඒත් උන්ට තේරෙන්නේ නෑ මන්ත්‍රී කාරයා ඒවා කළේ උට වෙන්කරපු ප්‍රතිපාදන වලින් කියලා. මන්ත්‍රී කරයා ඒවායින් 80% ත් වඩා ගසා කාලා කියලා තේරෙන්නේ නැති එකනේ වැඩේ. මේ අතර මහත්මා දේශපාලකයින්ද නැතුවා නොවේ ඒ 5% ටත් අඩුවෙනි

    ReplyDelete
  2. ඔහොම වුනොත් සුසිල් ප්‍රේමජයන්තට බන්දුලට එහෙම සෘණ තමා හම්බවෙන්නේ !

    ReplyDelete
  3. මමත් මනාප ක්‍රමය වෙනුවට අමනාප ක්‍රමයක් යෝජනා කළා.
    හැබැයි කට්ටියගෙන් වැඩිය ප්‍රතිචාරයක් නෑ වගේ. මේක බලන්න

    http://status-chanaka.blogspot.com/2010/02/2010.html

    ReplyDelete
  4. @මධුර

    ඒ කතාව ඇත්ත... ගොඩක් අය ඡන්දෙ දෙන්නේ අඳ ගොලු බිහිරි ආකාරෙකට නේ. හැබැයි "කැපුවත් කොළ-කැපුවත් නිල්"පරම්පරාව නම් දැන් අභාවෙට යන බවක් පේනවා..

    @මල් මාමා
    ඒ දෙන්නා විතරක් නෙවෙයි කීදෙනෙක් සෘණ නොගෙන බේරෙයිද දන්නේ නෑ... :)

    @චානක

    ඒකත් හොඳ අදහසක් තමයි... මේ යක්කුන්ට අපේ තියෙන අකමැත්ත පෙන්නන්න විදියක් තියෙන්නම ඕන.

    රත්නසිරි වික්‍රමනායක (හිටපු ) අගමැතිතුමා ගිය සතියේ පත්තරේකට කියලා තිබුණේ පක්ෂෙන් කාට නාමයෝජනා දුන්නත් මිනිස්සු දැනගන්න ඕන කියලා හරි අය තෝරලා යවන්න. එතකොට ඔය හොරු, මැරයෝ සෙට් එකට කවුරුහරි මනාප දීලා පාර්ලිමේන්තු යැව්වොත් ඒකත් අපේ වැරැද්ද නේ....

    ReplyDelete