Wednesday, September 29, 2010

යුගයේ මිනිසා....... මහාචාර්ය සේනක බිබිලේ



මහාචාර්ය සේනක බිබිලේ මිය ගිහින් අදට (සැප්තැම්බර් 29) වසර 33ක්. ඔහුගේ මූලිකත්වයෙන් බිහිවුණු ඖෂධ ප්රතිපත්තිවලින් අද ගොඩක් රටවල් ප්රයෝජන ගත්තත් ලංකාව නම් ගිහින් තියෙන්නේ ආපස්සට.


සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔහු කළ සේවාව ටිකකට අමතක කළත් අපිට ඔහුගේ චරිතයෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව. පුළුවන් නම් ඔහුගේ ජීවිත කථාව ගැන ටිකක් කියවන්න. දෙනගම සිරිවර්ධනයන් අතින් ලියැවුණු යුගයේ මිනිසා පොත මම කියවල තියෙනව ටික කාලෙකට කලින්. ඒ කතාව විදුසර පත්තරේ ලිපි පෙළක් විදියටත් පළ වුණා, ඒ 1990දි විතර මට මතක හැටියට.


සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට ඔහුට කරන්න පුලුවන් ඉහලම උපහාරය විදියට සුදම් දකින්නේ ඔහුගේ ප්‍රතිපත්ති ගැන පුලුවන් තරම් දැනුවත් වෙන එක. වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අනිත් අයගේ වගකීම ගැන නම් වෙනම කතා කරන්න වෙනව.


මහාචාර්ය සේනක බිබිලේ ගැන විස්තර ටිකක් මේ ලින්ක්වලින් ගියාම බලාගන්න් පුළුවන්.


http://en.wikipedia.org/wiki/Seneka_Bibile


http://www.rootsweb.ancestry.com/~lkawgw/sbibile.htm


ඔහුගේ අකල් මරණය සිද්ධ වුණු විදිය අදටත් අභිරහසක්. ඒ ගැනත් එක එක මත තියෙනව.


මේ සැබෑ මිනිසා කළ සේවය සදා සමරමු!



(ඇත්තම කිව්වොත් මම මහාචාර්ය සේනක බිබිලේ ගැන දිග බ්ලොග් සටහනක් ලියනව දැන් දවස් කීපෙක ඉඳන්. අද පොස්ට් කරන්න හිතාගෙන ලිව්වත්, ඉවර කරගන්න බැරි උනා.)

Wednesday, March 10, 2010

එක්තරා මරණයක්.....................




කාගේහරි මරණයක් ගැන අහන්න ලැබෙන එක සංවේදී ඕනම කෙනෙකුට සෑහෙන්න හිතට කම්පනයක් දැනෙන දෙයක්. මරණය තමන් දන්න කෙනෙකුගේ නම් හැඟීම් තවත් තීව් වෙනව. කාලයක් හිතේ කම්පනය රැඳිලා තියෙනවා, සමහර විට මියගිය කෙනාට තමන්ගේ තිබුනු සමීප බව නිසා හෝ කෙනා මියගිය ආකාරය, කාලය සහ හා බැඳුනු විශේෂ සිදුවීම් නිසා.


සුදම්ගේ ජීවිතයට ගොඩක් සමීප කීප දෙනෙකුගේ වෙන්වීම ඇරුනහම, ඔය විදියට සුදම්ගේ හිතට ගොඩක් දැනුනු මරණ කිහිපයක් තියෙනවා.

එයින් එක සිදුවීමක් වුනේ දැනට අවුරුදු කීපෙකට කලින්....... එදා කොලඹට මහා වැස්සක්. හැමතැනම වතුරෙන් යටවෙලා. සුදම් එදා වැඩ වගේකට එහා මෙහා ගියේ සමහර වෙලාවට වතුරේ බැහැගෙන. හවස් වෙනකොට වැස්ස ටිකක් අඩු වුනත් වෙනකොට වැස්ස හා සම්බන්ධ සිදුවීම් කීපයක් නිසා ජීවිත කීපයක් නැතිවෙලා තිබුණ.

වෙනකොට සුදම්ට ආරංචි වෙලා තිබුනා පාරේ ඇවිදගෙන ගියපු කෙනෙක් වතුරින් පිරිලා තිබුණු කාණුවකට වැටිලා අවාසනාවන්ත විදියට මියගිය බව. හැර වැඩි විස්තරයක් නම් දැනගන්න ලැබුනේ නෑ. හවස් වෙලා බෝඩිමට ආවටත් පස්සේ තමයි සුදම්ගේ අම්මා කෝල් කරලා කිව්වේ සුදම්ලගේ හිතවත් පවුලක දියණියක් අර මුලින් කියපු විදියට මියගිහින් බව. එතකොට තමයි සුදම් දැනගත්හේ සුදම් එදා උදේ හිටපු තැනට මීටර් දෙතුන්සීයක් එහායින් දියේ ගිලිලා (ගඟක මූදක නෙවෙයි, පාරේ අනාරක්ෂිත විදියට විවෘත වෙලා තිබුනු ගැඹුරු කාණුවක ) මියගිහින් තියෙන්නේ කාලයක් තිස්සේ දැනගෙන හිටපු සහෝදරියක් බව.

අක්කා එදා උදේ වැඩට යන වාහනෙන් බැහැලා පේව්මන්ට් එකේ ඇවිදගෙන යද්දි තමයි අර විදියට පේව්මන්ට් එකේ ආවරණය නොකර තිබුනු තැනකින් වැටිලා තියෙන්නේ. වෙලාවේ හොඳටම වතුර පිරිලා තිබුනු නිසා මොකක් හරි ඉදිකිරීම්/පිලිසකර කිරීම් වැඩකට විවෘත කරලා තිබුනු තැන පෙනිලා නැහැ.

පංශ්චාත් උපාධියක් දක්වා ඉගෙන ගෙන, ඉහල රැකියාවක් කල ඇය මනාලියක් වෙන්න සූදානමෙන් හිටියේ. මොකක්දෝ අවාසනාවකට අක්කාගේ පෙම්වතාත් වෙලාවේ තැනට ඇවිත් තිබුණා. කාණුවට වැටිලා අතුරුදහන් වුනේ තමන්ගේ පෙම්වතිය කියලා නොදැනම අයියාත් එතැන හිටි අයට උදව්වෙලා තිබුනා, ගිලුනු කෙනාව ගොඩගන්න. වගේ අවාසනාවන්ත විදියට මියගිහින් තියෙන්නේ තවත් ටික දවසකින් තමන්ගේ අතගන්න හිටපු පෙම්වතිය කියලා දැනගත්තම එයා මොනවගේ තත්ත්වෙකට මුහුණ දෙන්න ඇතිද කියලා සුදම්ට හිතාගන්නවත් බෑ.

පහුවෙනිදා සුදම් ගියා අවමඟුල් උත්සවයට. ලංකාවේ සැලකිය යුතු සිවිල් බලයක් හිමි රාජ් සේවයේ ඉහල තනතුරක් දරපු ඇගේ පියාත් දෛවය ඉදිරියේ අසරණ වෙලා හිටියා. පවුලේ අය, ඇගේ පෙම්වතා පුදුමාකාර ඉවසීමකින් සියල්ල විඳ දරාගන්න බවක් පෙනුනා.

මේ සිදුවීමට වගකියන්න ඕන කියලා වට පිටාවේ හිටපු ගොඩක් අය ඇඟිල්ල දික් කළේ පාර පිලිසකර කරන්න විවෘත කරපු තැන ආයෙත් ආවරණය කරන්නේ නැතිය ගියපු ඉංජිනේරුවා ප්රමුඛ කණ්ඩායමට සහ අදාළ රාජ් ආයතනයට. රාජ් ආයතනය කියලා තිබුනේ කැලි කසළ හිරවෙලා අක්රීය වෙලා තිබුනු කාණු පද්ධතිය පිළිසකර කරන්න තමයි අය උත්සාහ කරමින් හිටියේ කියලයි.

ඇත්තටම පොඩි වැස්සකටත් කොලඹ සහ අනිත් නගරබද ප්රදේශ වතුරෙන් යටවෙන්න එක හේතුවක් තමයි කැලි කසල නිසා වතුර බැහැලා යන මාර්ග අක්රිය වීම. අපේ අයගේ කැලි කසළ බැහර කිරීමේ පුරුදු මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ගොඩක් අය කරන්නේ ආණ්ඩුවට/පළාත් පාලන ආයතනවලට මේකට බනින එක. උනත්, පිළිවෙලක් නැතිව හැමතැනම කුණු විසි කරන්නේ අපේ මිනිස්සුම නේ. දේශපාලනය ගැන සෑහෙන්න වදවෙන අපේනිදහස් මාධ්මේ වගේ පොඩි පොඩි දේවල් ගැනත් අපේ සමාජය දැනුවත් කරන්නත් පොඩි කාලයක් වෙන් කලොත් හොඳයි නේද?

දැනට අවුරුදු කීපෙකට කලින් සිද්ධ වුණු මේ සිදුවීම නිසා හිතේ ඇතිවුන කම්පනය තාමත් සුදම්ගේ හිතේ තියෙනවා. ජීවිතේ එක පාරක් හරි, ටොපී කොළයක් හරි ඔහේ බිමට විසිකරලා දාපු හැමෝමත් (සුදම් ඇතුළුව ) ඇගේ මේ අකල් මරණයට වග කියන්න ඕන කියලා හිතෙනවා.
(ඇය මියගිහින් තිබුණු විදිය වැඩි විස්තර රහිතව ලිව්වේ උවමනාවෙන්මයි )

පින්තූරෙ හොයාගත්තේ : http://www.ehow.com/how_4434159_prevent-secondary-drowning.html

Monday, March 8, 2010

මනාපයට අමතරව අමනාපයකුත් ලකුණු කරන්න ලැබුනොත්.......



ලංකාවාසීන්ට ලොකුම අවශ්‍යතාවයක් වෙලා තිබුනු විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමත් හත්පොලේ ගාගැනීමකින් අනතුරුව අවසන් උණා. පහුගිය කාලයේ දේශපාලනය සම්බන්ධ දේවල් වලින් සම්පූර්ණයෙන්ම වියුක්ත වෙන්න සුදම් තීරණය කලේ ලංකාවට “වැදගත්” පුද්ගලයෙක් නිරපරාදේ (විහින්ම ) විනාසවෙලා යනවා, විනාසකරලා දානවා බලාගෙන ඉන්න තිබුනු අකමැත්ත නිසා. දෙපැත්තෙම “මඩ” ව්‍යාපාර හොඳින් ක්‍රියාත්මක වෙද්දි සිද්ද වුනු දේවල් , අන්තිමට වුනු දෙයත් දැන් රහස් නෙවෙයි නේ. කොහොමටත් ඒක වෙනම කතාකරන්න ඕන මාතෘකාවක්.


මහජනතාව පුල පුලා බලාගෙන හිටපු මහ මැතිවරණෙත් දැන් ප්රකාශයට පත්කරල. කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන නේ.... දැන් ඉතින් මේ මාසෙදිත් හොඳ හොඳ විගඩම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි. ගැන කල්පනා කරද්දි සුදම්ට මහ විකාර අදහසක් ඔලුවට ආවා. අපිට බැරිද මනාපය ප්රකාශ කරන ගමන්, අමනාපයත් ප්රකාශ කරලා (යම් විදියකට ) ඔය ඉදිරිපත් වෙලා ඉන්න සෙට් එකෙන් අපි බහුතරය කැමති පුද්ගලයෝ පාර්ලිමේන්තු යවලා, ඊලඟ අවුරුදු 5 අපිවනියෝජනය කරන්න ඉඩ දෙන ගමන් අපි බහුතරය අකමැති පුද්ගලයෝ පාර්ලිමේන්තු නොයවා ඉන්න දායක වෙන්න? ඕන නම් නීතියක් හදල, වැඩිපුරම අමනාප ගන්න කස්ටියක් ඊලඟ අවුරුදු පහම ක්රියාකාරී දේශපාලනයෙන් අයින් කරන්නත් පුලුවන්....නැතිනම් පස්සේ මුන්ට හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න පුලුවන් නේ. සමහර වෙලාවට මනාප අමනාප දෙකම ගණන් කරලා, නෙට් මනාප ක්රමේකින් ප්රතිඵල පෙන්නන්නත් පුලුවන් වේවි.


නම------------------මනාප------------අමනාප-----------ශුද්ධ මනාප

A------------------------50,000-----------------20,000-------------------30,000

B------------------------20,000------------------50,000------------------30,000


වැඩේ නරකමත් නැහැ නේද develop කරගත්තොත්........?


(තවත් එකක්.... සුදම් මේ ලාංකේය දේශපාලනය සන්දර්භය කියවන්න දන්න මහා බ්ලොග්කාරයෙක් නම් නෙවෙයි.....:D )